දේශීය

බැසිල්ට එරෙහි නඩුව විභාග කිරීමට දින නියම වෙයි

(UTV | කොළඹ) – රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා දින නියමකර තිබේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවි නැඟුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න රජයේ මුදල් මෙලෙස සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔහුට චෝදනා එල්ල කර ඇත.

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක සාක්ෂි විභාගය අගෝස්තු 06 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවට දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් රජය සමයේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Related posts

මුහුණු ආවරණය කිරීම හෝ නොකිරීමේ තීරණය කාන්තාවන් සතු අයිතියක් [VIDEO]

Mohamed Dilsad

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට

Mohamed Dilsad

කලාප 8කට පැය 06ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment