දේශීය

කොරෝනා වෛරසය වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන 4 ක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හෙවත් වෛරසය ලක්වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා තවත් පූර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙම මධ්‍යස්ථාන කොවිඩ් 19කොළඹට ආසන්න ප්‍රදේශයක සහ දකුණු, මධ්‍යම හා වයඹ පළාත මුල් කර ගනිමින්  ස්ථාපිත කරන බවයි.

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පිළිබඳව සාකච්ඡා කිරීමට කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වී ඇති අතර එහිදී මෙම තීන්දු තීරණවලට එළඹ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මුඛ ආවරණ අවශ්‍යතාවක මතු වුවහොත් ඒවා පිටරටින් ආනයනය කිරීමටත් මුඛ ආවරණ මෙරට කඩිනමින් නිෂ්පාදනය කර තොග ගබඩා කොට තැබීමටත් කමිටුව තීරණය කළ බවයි.

Related posts

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

Mohamed Dilsad

ගිහාන් පිලපිටියට වරෙන්තු ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කරයි

Editor O

Leave a Comment