දේශීය

ඩයමන්ඩ් ප්‍රින්සස් හි සිටි ලාංකිකයන් දෙදෙනාව ඉන් ඉවත් කෙරේ

(UTV | කොළඹ) – ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා ඉන් ඉවත් කරගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ දින 14ක නිරෝධායන ක්‍රියාවලියකින් පසු ඔවුන් දෙදෙනා යළි දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බවයි.

ඒ අනුව ඉන්දීය කාර්ය මණ්ඩල සාමාජිකයන් 113 දෙනෙක්, මගීන් 6 දෙනෙක් සහ විදේශිකයන් 5 දෙනෙක් සමග ටෝකියෝ නගරයේ සිට ගමන් ආරම්භ කල ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ඊයේ (26) රාත්‍රියේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට අමතරව නේපාල ජාතිකයෙක්, දකුණු අප්‍රිකානුවෙක්  සහ පේරු රාජ්‍යයේ පුරවැසියෙක් ද ඒ ආතර වන බවත් මිතුරු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ ඉන්දීය රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙම විදේශිකයන් 5 දෙනාද ගෙන්වා ගත් බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Related posts

අත්අඩංගුවට ගත් නාකොටික් 11 දෙනා අධිකරණය හමුවට

Mohamed Dilsad

නියෝජ්‍ය කතානයක ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 169කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment