දේශීය

CCTV ගැලවීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් පිරිසක් අද අධිකරණයට

(UTV | කොළඹ) – කැළණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා බලහත්කාරයෙන් ගලවා දැමු බවට අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් සිව්දෙනෙකු අද (28) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධියට සැකපිට සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

ඉන් 12 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඉතිරි සිසුන් සිව් දෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරේ.

සිද්ධියට ඝෘජුවම සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනා අතර කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමිද වේ.

 

Related posts

උපරිම පොලී අනුපාත කිහිපයක් පහත දමයි

Mohamed Dilsad

සෞඛ්‍ය නීති කඩකළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය සිදු කරයි

Mohamed Dilsad

Leave a Comment