දේශීය

ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරු බඳවා ගනී

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික පාසල් 153ක් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

එම පත් කිරීම් සිදු කිරීම පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ වලට අනුව ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය සහිත බඳවා ගැනීම් සිදුකර තිබේ.

අදාළ විදුහල්පතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය ඒ අනුව පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකර තිබේ.

Related posts

මත්ද්‍රව්‍යකරුවන්ට මරණ දඬුවම ලබාදීමට එරෙහි නියෝගය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අද සිට දිනකට දුම්රිය 27 ක් ධාවනයට

Mohamed Dilsad

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment