දේශීය

උපාධිධාරී අභ්‍යාසලාභි පත්වීම් අවුලක් වෙයිද?

(UTV | කොළඹ) – මේ දිනවල ලබාදෙන උපාධිධාරී අභ්‍යාසලාභි පත්වීම් මාස දෙකකට අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.

මේ අතර මහ මැතිවරණයට අදාළව මූලික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු හෙට(05) කොළඹට කැදවා තිබේ.

එහිදී නාමයෝජනා කැදවීම ඇතුළු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

විදුලි කප්පාදුවක් අත ළඟ ද…?

Editor O

රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ – මහින්ද රාජපක්ෂ

Editor O

උසස් පෙළ කල් යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment