දේශීය

අද මධ්‍යහනේ සිට යළිත් දුම්රිය වර්ජනයක්

(UTV | කොළඹ) –  අද දහවල් 12 න් පසු සේවයෙන් ඉවත්වීමට සිදුවන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය රියදුරන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත් වීමට සැරසේ.

විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස තීරණයක් ගත් බව දුම්රිය රියදුරන් පවසයි.

මත් කුඩු ප්‍රවාහනයට යොදාගන්නා ප්‍රධාන මාර්ගයක් බවට දුම්රිය පත්ව ඇතැයිද දුම්රිය සේවකයන්ද ඊට සම්බන්ධ බවද කොළඹ පැවති වැඩසටහනකදී විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා තිබේ.

මෙම ප්‍රකාශය හමුවේ දුම්රිය රියදුරන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවී ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අද දහවල් 12 ට වෘත්තීය සමිති රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන දින තුනකට පමණයි

Mohamed Dilsad

ගෑස් පෝලිමත් අත ළගයි

Mohamed Dilsad

බස්නාහිර මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝණය කළ රැසකට නඩු

Mohamed Dilsad

Leave a Comment