දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) –  සෞදි අරාබියේ ජෙඩා නගරය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.

මෙම තීරණය ලබන 15 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා බලපැවැත්වෙනු ඇත.

කොරෝනා වෛරස අවධානම හමුවේ සවුදියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පණවා ඇති නියමයන්ට අනුගත වෙමින් මෙම තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

කෙසේවෙතත් සවුදි අරාබියේ රියාද් සහ ධමාම් නගර වෙත අඛණ්ඩව ගුවන් වාර සිදු කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රට තුළ නීතිය හා සාමය ස්ථාපනය කරන්න මැදිහත් වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

අලුත් කඩේ අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුට

Editor O

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment