දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 3.6 ස්ථානයේදී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. 

අද (13) පෙරවරු 7.00 ට පමණ මාතර දෙසට ඇති මංතීරුවේ ධාවනය වූ බස් රථයක ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් ජීවිත හානි තුවාල කිසිවක් සිදුව නොමැති අතර, පසුගිය මාර්තු 01 වැනිදා ද දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලංගම බස් රථයක ගින්නක් හටගත්හ.

Related posts

ලකුණු කපා ගත් දෙපාර්තමේන්තුව ගැන අනාවරණයක්

Mohamed Dilsad

ගුරු සංගම් කීපයක් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment