(UTV | කොළඹ) – තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙම මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
කොරෝනා වෛරස් අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ලබන 31 වනදා තෙක් කොළඹ සහ බැංකොක් අතර ගුවන් ගමන් අත්හිටුවා ඇති බව නිවේදනය කරයි.