ප්‍රමුඛ පුවත 1

ඛනිජ තෙල් වෘතීය සමිති වර්ජනය අවසන්

(උදයම්,කොළඹ) – අද රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව සිය වර්ජනය අත්හැරීමට වෘතීය සමිති එකඟ වූ බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ත්‍රිකුණාමලයේ චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමට රජය තීරණය කර ඇති බව පවසමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.

අද පස්වරුවේ  වෘත්තීය සමිති නියෝජිතයින් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී තීරණාත්මක සාකච්ඡාවක්පැවතියද එම සාකච්ඡාව විසඳුමකින් තොරව අත්හිටවනු ලැබීය.

ඉන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී එම නියෝජිතයන් තම වෘත්තී ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කරන ලදී.

Related posts

කොළඹ හා කොචින් අතර ගුවන් සේවය යළි ආරම්භ වෙයි

Mohamed Dilsad

සීනිවල ආනයනික පිරිවැය තවදුරටත් අඩුවෙයි

Mohamed Dilsad

අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මාධ්‍ය වාරණයක්.

Mohamed Dilsad

Leave a Comment