ක්‍රීඩා

කොරෝනා හේතුවෙන් මැරතන් තරඟාවලියක් කල්යයි

(UTV | ලන්ඩන්) – නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ලබන අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට ලන්ඩන් මැරතන් තරඟය ඔක්තෝබර් මාසය තෙක් කල් දමා තිබේ.

1981 වසරේදී ආරම්භ කිරීමෙන් පසු ලන්ඩන් මැරතන් තරඟය කල්දමනු ලැබූ පළමු අවස්ථාව මෙයයි.

පසුගිය වසරේ පැවති ලන්ඩන් මැරතන් තරගය 43 දහසකට අධික පිරිසක් සහභාගී වූ අතර එමඟින් පුන්‍යාධාර ලෙස රැස් කර තිබූ මුදල් පවුම් මිලියන 66 යි දශම 4 කි.

Related posts

ඊයේ පරාජයට හේතු කියන දික්වැල්ල

Mohamed Dilsad

අන්තර් පාසල් ලිග් රග්බි තරගාවලි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

බ්‍රසීල ජනපති ඇමතිවරු 6 දෙනෙක්ව නෙරපා දමයි

Mohamed Dilsad

Leave a Comment