දේශීය

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන් නොවේ [UPDATE]

(UTV | කොළඹ) –  මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද , හෙට සහ අනිද්දා දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හමුවේ ඉදිරි දිනවල ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේ ලැබුණු ඒවා ලෙස සලකා කටයුතු කිරීමට අපේක්ෂා කරන බව එම කොමිසම ප්‍රකාහ කරයි.

කොරෝනා වෛරසය පාලනය සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.


(UTV| කොළඹ) –  අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා ලබාදී ඇති කාලසීමාව අද (17) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතය. 

අදාළ කාල සීමාව ඊයේ (16) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද ඊයේ රජයේ නිවාඩු දිනයක් බැවින් එම කටයුතු අද දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළේය.

මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන මස 6, 8 සහ 9 යන දිනයන් තුනේහේ දී පැවැත්වීමට නියමිතය.

මේ අතර, මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අනිද්දා මධ්‍යහ්න 12.00 න් අවසන් කිරීමට නියමිතව ඇත.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment