දේශීය

විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු සඳහා ක්ෂණික අංකයක්

(UTV|කොළඹ) – කොවිඩ් -19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සලකා ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සහ සංචරණය වීම අවම කිරීම හේතුකොට ගෙන විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු හා පැමිණිලි සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ දිවයින පුරා පිහිටි පලාත් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන වෙත පැමිණිම වෙනුවට පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි 1989 ක්ෂණික අංකයක් හදුන්වා දී ඇත.

එම අංකය ඇමතීමෙන් අදාල විස්තර හා සේවා ලබාගන්නා ලෙස කාර්යාංශය විගමණික ප්‍රජාවට හා මහජනතාව වෙත දැනුම් දෙයි.

එසේම මේ සදහා කාර්යාල වෙත පැමිණිමෙන් වලකින ලෙසද කාරුණිකව ඉල්ලා ඇත.

Related posts

රජය ඊයේ ගත් කැබිනට් තීරණ

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 ක් සුවය ලබයි

Mohamed Dilsad

අගමැති ඉන්දීය නිල සංචාරය නිමවා අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment