දේශීය

මෙරට කොරෝනා රෝගීන්ට මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය ලබාදීමට අනුමැතිය

(UTV|කොළඹ) – සෞඛ්‍ය අංශ විසින් මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ලබා දීමට තීරණය කර තිබේ.

අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමඟ ලොව පුරා ඒ පිළිබද දැඩි අවදානයක් යොමු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුව ඒ අනුව අදාළ ඖෂධය මෙරට කොරෝනා ආසාදිතයින්ට ලබාදිම සඳහා නිර්දේශ කිරීමට තීරණය කර තිබේ.

මෙම ඖෂධය ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක් පවතින බව වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත.

IDH රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනාට ලබාදිමද ඉකුත් 20 වැනිදා සිට මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ලබා දීම ආරම්භ කෙරිණි.

ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බව වෛද්‍යවරුන් පවසයි.

මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය තවත් රටවල් කිහිපයක් කෙරෝනා ආසාදිතයින්ට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද ප‍්‍රකාශ කළේය.

කෙසේ වුවද හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය, කෙරෝනා ආසාදිතයින්ට කල්පනාකාරීව සහ සීමාවන් සහිතව භාවිත කළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පවසයි.

මැලේරියා රෝගීන්ට ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය රෝගී නොවන සාමාන්‍ය පුද්ගලයින් භාවිත කිරීම අතුරු ප‍්‍රතිඵල ගෙනදිය හැකි බවද එම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

20ට එරෙහි පෙත්සම් 39 වෙයි

Mohamed Dilsad

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය ලබන වසරේ සිට

Mohamed Dilsad

ජාතික පරිසර පනත සංශෝධනය කරයි

Mohamed Dilsad

Leave a Comment