දේශීය

ඇඳිරි නීතිය ඉවත් කෙරූ කාලය දීර්ඝ කෙරේ [UPDATE]

මින්පෙර නිවේදනය කළේ අද දහවල් 12ට පමණ යළි ඇඳිරි නීතිය පැනවීමටයි.

ඒ අනුව කොළඹ , ගම්පහ , පුත්තලම සහ උතුරු පළාතේ අද දහවල් 12 ට පැණවීමට නියමිත වූ ඇඳිරි නීතිය පැණවෙන්නේ පස්වරු 2 ටයි.

 

දිස්ත්‍රික්ක කිහිපයකට පැනවු ඇඳිරි නීතිය ඉවතට

(UTV|කොළඹ) – අද (24) උදෑසන 6ට කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් විය.

එම දිස්ත්‍රික්ක 08 සඳහා අද දහවල් 12ට යළි ඇඳිරි නීතිය පනවන අතර එය එළැඹෙන මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙනු ඇත.

සිකුරාදා දහවල් 12 සිට යළිත් එම දිස්ත්‍රික්ක 08 සඳහා ඇඳිරි නීතිය පැනවේ.

එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය.

සෙසු දිස්ත්‍රික්කවල ඊයේ (23) දහවල් 02 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 06ට ඉවත් කරන අතර එදිනම දහවල් 12 සිට නැවත ඇඳිරි නීතිය පනවනු ලබයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන අතර විදේශ සංචාරකයින් තැනින් තැනට ගෙනයාමද සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු සඳහා අවසර හිමිවන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 70,000 ඉක්මවයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිත තවත් බන්ධනාගාර රැඳවියන් 87ක්

Mohamed Dilsad

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment