(UTV|කොළඹ) – ඉතිහාසයේ දරුණුතම අභියෝගයකට මේ රටත් ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ කටයුතු කළ යුතු බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.
පසුගිය දිනවල දිගින් දිගටම ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, ව්‍යපාරික ප්‍රජාව ඇතුළු අංශ ගණනාවක් මෙහි වැදගත්කම පෙන්වා දුන් බවද කරු ජයසුරිය මහතා සදහන් කළේය.
පළමු ශ්‍රී ලාංකික කොවිඩ් – 19 රෝගියා හඳුනාගත් අවස්ථාවේ මෙන්ම ඉන්පසුවත් තමා සියලු පක්ෂ කැඳවා සාකච්ජා කිරිමේ වැදගත්කම අවධාරණය කළ බවත්,ඔහු සිහිපත් කළේය.
එවන් වු ජාතික එකඟතාවයකින් පවතින තත්වයට මුහුණදෙනු මිස ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැති බවද කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේය.
අද (24) දින අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මැදුරේදී සියලු පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කීරිම ඒ සඳහා වැදගත් ප්‍රවේශයක් වනු ඇති බවද කරු ජයසුරිය මහතා අද එම අවස්ථාවට එක් වෙමින් සඳහන් කළේය.