විදෙස්

කොරෝනා හේතුවෙන් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට බලපෑම්

(UTV |කොළඹ) – ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද වනවිට 21,000 කඩඉම ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ඇදිරි නීතිය පැනවීම සහ බාහිර ලෝකය සමඟ ඇති සබන්ධතා අවහිර කිරීම හරහා මේ වන විට  ලෝක ජනගහනයෙන් 1/3කට බලපෑම් එල්ල වී ඇති බව ද වාර්තා වේ.

මේ වන විට ලෝක ජනගහනයෙන් 472,000 ක් දෙනා කොරෝනා වෛරසයෙන් ආසාදිතව ඇති අතර, 21,000 ක් මිය ගොස් තිබේ. මෙය, ජෝන් හොජ්කින්ස් සරසවියේ නිල වාර්තා මගින් හෙළිදරව් වේ.

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව මේ වන විට 65,000 ඉක්මවා ඇති අතර, මරණ ගණන 930 කි.

නිව්යෝක් ජනපදය, ඇමරිකානු කොරෝනා වසංගතයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇත.

ගතවූ දින 3 තුළ කොරෝනා රෝගීන් හමුවීම නිව්යෝක් ජනපදය තුළ තුන් ගුණයකින් වැඩි වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර ස්පාඤ්ඤය මේ වනවිට චීනය ද පරදවා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබේ.

මේ වන විට ස්පාඤ්ඤය දෙවැනි වන්නේ ඉතාලියට පමණි.

ඊයේ දිනයේ ස්පාඤ්ඤයෙන් ලෝකයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වන 700 ක් වාර්තා විය.

ආසියානු සහ ඇමරිකානු කොටස් වෙළඳපොළ කඩා වැටෙයි.

චීනයෙන් ඊයේ දිනයේ ද නව කොරෝනා රෝගීන් වාර්තා වී නොමැත.

කෙසේ නමුත් විදේශවල වාසය කරන චීන ජාතිකයන් 67 දෙනෙකු ඊයේ දිනය තුළ ද කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා විය.

 

Related posts

ඡන්ද දායකයින් පාලක පක්ෂයටත් විපක්ෂයටත් පාඩමක් උගන්වයි

Mohamed Dilsad

පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

යුක්‍රේන ගුවන් යානයට අත්වැරදීමකින් පහරදුන් බව ඉරානය පිළිගනී

Mohamed Dilsad

Leave a Comment