දේශීයව්‍යාපාරික

දකුණු පළාත තුළ සත්ත්ව ආහාරවල හිඟයක්

(UTV | කොළඹ) – සත්ත්ව ආහාර හිඟය හේතුවෙන් තම ගොවිපොලවල් පවත්වාගෙන යාමට අපහසුවී ඇතැයි දකුණු පළාතේ සත්ත්ව ගොවි පොල හිමියන් සඳහන් කරයි.

ඇඳිරි නීතිය නිසා සත්ත්ව ආහාරවල හිඟයක් ඇතිවි තිබෙන බවත් මේ තත්ත්වය වඩාත්ම බලපා ඇත්තේ කුකුළු ගොවි පොලවල් හිමියන්ට සහ ගව පට්ටි හිමියන්ට බවද ඔවුන් මැසිවිලි නගයි.

මේ පිළිබඳව දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුනිල් කෙරමිණියගේ මහතා කියා සිටියේ සත්ත්ව ආහාරවල යම් හිඟයක් පවතින බවත් , ඇඳිරි නීතිය නිසා සත්ව ආහාරගෙන ඒමට කොළඹට යාමට නොහැකි වී තිබෙන බවද එයට අමතරව වී මොල් වසා ඇති බැවින් ගවයින්ට දෙන සහල් කුඩු සහ පුන්නක්කු ආදිය ලබා ගැනීමට අපහසු වී ඇති බවත්ය.

මේ හේතුවෙන් පොලිසිය සහ ප්‍රාදේශිය ලේකම්වරු සමග සාකච්ඡා කොට සත්ත්ව ආහාර ප්‍රවාහනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද සුනිල් කෙරමිණයගේ මහතා පැවසීය.

Related posts

2021 (2022) උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් අධි චෝදනා ගොණු කරයි

Mohamed Dilsad

කොටස් වෙළඳපොලේ දිනක් තුළ විශාලතම කඩා වැටීම අද

Mohamed Dilsad

Leave a Comment