දේශීය

ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්

(UTV |කොළඹ ) – රජය මඟින් කොවිඩ් 19 ව්‍යප්ති වැලැක්වීම සඳහා, ඖෂධ හල් (pharmacy) වෙත මහජනතාව පැමිණීම සීමා කිරීමට, පුද්ගලික ඖෂධ හල් මඟින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම සඳහා ක්‍රියාවලිය හදුන්වා දී ඇත.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයින පුරා ඖෂධ හල් (pharmacy) හඳුනාගෙන ඇති අතර මෙ ඖෂධ හල් ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය WWW.health.gov.lk මඟින් හෝ http://bit.ly/slpharm දැන ගත හැක.

තෝරාගත් ඖෂධ හල් වල ලිපිනය, දුරකථන අංකය (whatsapp/Viber/Imo අංකය) හා ඖෂධවේදිගේ නම එමඟින් ඔබට දැන ගත හැක.

මෙහිදී ඖෂධ සඳහා මුදල් අයකරන අතර එම බිලට සාධාරණ ප්‍රවාහන ගාස්තුව ද ඇතුලත් කරනු ලැබේ.

ඖෂධ සඳහා ගෙවීම අත්පිට මුදලට හෝ අන්තර් ජාලය හරහා සිදුකල හැක.

ඔබට ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය නම් පළමු පියවර ලෙස සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් මෑතකදී නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවේ ඡායාරුපයක් ගෙන එම ඡායාරුපය (whatsapp/Viber/Imo අංකය) හරහා තෝරාගත් ෆාමසිය වෙත යොමු කළ යුතු වේ.

ෆාමසිය මඟින් එම ඖෂධ පැය 24ක් ඇතුලත ඔබ ගේ නිවසටම ගෙනවිත් දෙනු ඇත.

ඖෂධ ලබා ගැනීමට උපදෙස් සහ ඖෂධවේදියාගේ දුරකථන අංකය ඖෂධ පැකට්ටුවේ සඳහන් කරනු ලබන අතර ඔබට යම් ගැටළුවක් මතු වුවහොත් ඔහුව ඇමතිය හැකි අතර වැඩි විස්තර සඳහා 0720720720 (සිංහල ඉංග්‍රීසි) 0720606060 (දෙමළ) අමතන්න.

Related posts

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුරු SMS පණිවිඩයකින්

Mohamed Dilsad

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

Mohamed Dilsad

Leave a Comment