විදෙස්

වෙනිසියුලානු ජනාධිපතිට එරෙහිව තොරතුරක් දෙන්නෙකුට ඩොලර් මිලියන 15ක්

(UTV| කොළඹ) –  වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධුරෝ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය යටතේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් සපයන්නෙකුට ඩොලර් මිලියන 15ක තිළිණයක් පිරිනමන බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඇමරිකා එක්සත් ජනපදය වෙත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඉඩ සැලසූ බවට ඔවුන් වෙනිසියුලානු ජනාධිපතිට එරෙහිව චෝදනා නගා සිටියි.

කාටෙල් ඔෆ් සන්ස් නැමති මත්ද්‍රව්‍ය පාතාල කල්ලිය ඇමරිකා එක්සත් ජනපදය වෙත පසුගිය දශක දෙක පුරා ටොන් 100 ගණනක් කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවටයි චෝදනා එල්ල වන අතර , ඔවුන් වෙනිසියුලාවේ මධුරෝ රජය සමඟ එක්ව කටයුතු කරන බව ඇමරිකාව පවසයි.

Related posts

ඇමෙරිකාවේ 250 වෙනි, නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක්

Editor O

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

Mohamed Dilsad

වැඩිම කොවිඩ් මරණ අනුපාතය සහිත රට බවට පේරු පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment