දේශීය

බන්ධනාගාර ‍රැදවියන් රැසක් නිදහස් කිරීමට ආණ්ඩුවේ අවධානය

(UTV |කොළඹ ) – ආණ්ඩුවේ අවධානය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර ගත රැඳවියන් 4,000 කට අධික සංඛ්‍යාවක් නිදහස් කිරීම කෙරෙහි යොමුව තිබේ.

ඉන් 2,500 කට ආසන්න සංඛ්‍යාවක් ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින පිරිස වන අතර එලෙස ඇප කොන්දේසි සම්පූර්ණ නොකර රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටින රැදවියන්ගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමටයි තීරණය කර ඇත.

බන්ධනාගාර අධිකාරිවරුන් ස්කයිප් තාක්ෂණය මගින් අදාළ මහේස්ත‍්‍රාත්වරුන් සමග සම්බන්ධ වී ඊට අදාළ තීන්දු ගැනීමට නියමිත බව වාර්තා වේ.

තවද රජයේ අවධානය සුළු වැරදි සඳහා වසරකට වඩා අඩු කාලයක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන් නිදහස් කිරීමට ද යොමුව තිබේ.

සුළු වැරදි සඳහා වසරකට වඩා අඩු කාලයක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන් සංඛ්‍යාව 2,000 කට ආසන්න වන අතර ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකිව සහ සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාරගතව සිටින රැදවූවන්ට නීතිමය සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු ව තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව ඉකුත් කාල සීමාව තුළ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් ද පවත්වනු ලැබුවේය.

Related posts

ජනපති සහ UNDP නියෝජිතයා අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment