දේශීයප්‍රමුඛ පුවත 1

ඉදිරි දින 14 අවදානම්

(UTV|කොළඹ) – ඉදිරි දින 14ක කාලය ඉතා අවදානම් කාලසීමාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එනිසා නිසි පරිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ඔවුන් ඉල්ලා සිටීයි.

එම කාලයේ දී ඉතාම අත්‍යවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් එළියට නොයන ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම දින 14 ක කාලය තුළ කොරෝනා වෛරසය කුඩා කණ්ඩායම් අතර පැතිරී යාමේ අවදානමක් පවතී.

ඒ හරහා සමාජය තුළ පැතිර යා හැකි බවත් සංගමය අනතුරු අගවයි.

එනිසා මෙම අවදානම් කාලය තුළදී මෙරට ජනගහනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් නිවෙස් තුළ රැඳී සිටීම අත්‍යවශ්‍ය වන අතර
ජනතාව ඒ ආකාරයෙන් කටයුතු නොකළහොත් කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය කිරීම අපහසු වනු ඇති බවද සංගමය අවධාරණය කරයි.

Related posts

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

Mohamed Dilsad

ප්‍රභාකරන් වෙනුවෙන් සැමරුම් පැවැත්වූ අය ගැන සොයන්න විමර්ශනයක්

Mohamed Dilsad

ජා ඇල පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුව ලබාදුන් හේතුව

Mohamed Dilsad

Leave a Comment