ගොසිප්

වසා දැමුණු අටුළුගම රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා

(UTV |කළුතර) – අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තාවේ.

ඔහුගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.

පියා සහ දියණිය එම රෝග ලක්ෂණ හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තාවේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි.

Related posts

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

Mohamed Dilsad

කොරෝනා රටින් ඉවත්වන කාලය ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

Mohamed Dilsad

Leave a Comment