විදෙස්

පැය 24 තුළ ඉතාලියෙන් මරණ 889ක්

(UTV |ඉතාලිය ) – ගතවූ පැය 24 තුළදී නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මරණ 889ක් වර්තා වී තිබේ.

ඒ අනුව එරට සිදුවූ සමස්ථ මරණ සංඛ්‍යාව අද වන විට දස දහස ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසය.

මේ අතර ඇමෙරිකාවද දරුණු ලෙස වෛරසයට ගොදුරු වෙමින් තිබේ.
අමෙරිකාවෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 123,000කට අධිකයි.

මේ වන විට සමස්ත නිව්යෝක් ප්‍රාන්තයම නිරෝධායනයට ලක්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී ඇත.

නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ 30,851 ක් වාර්තා වී තිබේ.

හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 662,967 කි.

කෙසේවෙතත් ආසාදිතයින් 141,953 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

Related posts

ලොව දිගින් වැඩිම පුසා මෙන්න

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ විශාලම ඉන්ධන පිරිපහදුවක දැඩි ගින්නක්

Mohamed Dilsad

මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා මිය යයි

Mohamed Dilsad

Leave a Comment