දේශීය

කොරෝනා මර්දනය කිරීම පිළිබදව සාකච්ඡාවක්

(UTV |කොළඹ ) – දිවයින පුරා දැනට උද්ගත වී පවතින කොවිඩ් -19  හෙවත් කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කෙරේ.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී  පවත්වන ලදි.

ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු වෘත්තීය සමිති 20 කට පමණ ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගි වූහ.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු විධායක කමිටුව විසින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ගත යුතු විශේෂීත යෝජිනා කිහිපයක් පිළිබද සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදී .

ඉන් අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඇතුලු විධායක කමිටුව විසින් දැනට රෝහල්වල සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමු කළහ.

එම ගැටලු ක්ෂණිකව නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබාදෙන ලබා දුන්නාය.

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 8 දෙනෙකු නාවිකයින්

Mohamed Dilsad

මැතිවරණයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලීසියෙන් 63,000 ක්

Editor O

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment