විදෙස්

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හෙතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පුවත් පත්  60 ක පමණ මුද්‍රණ කටයුතු නවතා දැමීමට පියවරගෙ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එරට මාධ්‍ය සමූහයක් වන නිව්ස් කෝප් බදාදා කියා සිටියේ තම අන්තර්ගතය අන්තර්ජාලය හරහා ගෙන යන බවයි.

එසේම , ඔවුන් විසින් ගනු ලැබූ මෙම තීරණය සැහැල්ලුවට ගෙන නොමැති බවත් නිව්ස් කෝප් ඔස්ට්‍රේලියා ප්‍රධානී මයිකල් මිලර් සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ දැනටමත් ගැටලුවට පත්ව ඇති පුවත්පත් කර්මාන්තය තුළ වෙළඳ දැන්වීම් පළකිරීම පහත වැටීමද ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

Related posts

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන අලුත්ම තොරතුර මෙන්න

Editor O

ඇමෙරිකානු ජනපතිට වස පාර්සලයක්

Mohamed Dilsad

නෙදර්ලන්තයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment