දේශීයවිදෙස්

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

(UTV |කොළඹ ) – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනයට රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව පවසයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයන් සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවකදී ඊට සම්බන්ධ ශ්‍රී ලංකා නියෝජිතයන් මේ බව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියේය.

වෛරසය පාලනයේදී මෙරට සෞඛ්‍ය අංශ ලබා ඇති ප්‍රගතිය මෙන්ම අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමේදී ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් නියෝජිතයන්ගේ ප්‍රශංසාව හිමිවූ බව කාර්ය සාධක බලකාය නිකුත් කල නිවේදනයක දැක්වේ.

ඉදිරියටත් වෛද්‍ය , ළමාරක්ෂණ , කම්කරු නීති , ආහාර , නෛතික , ආර්ථික හා අධ්‍යාපන යන අංශවලින් සහයෝගය දෙන බවටද ඔවුන් සහතික වී තිබේ.

Related posts

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

මඩකලපුව, කොළඹ, ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කරයි

Mohamed Dilsad

සායනවලින් ඖෂධ ලබා ගන්නන්ට තැපෑලෙන් ඖෂධ

Mohamed Dilsad

Leave a Comment