දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයට රතු එළි දල්වයි

(UTV |කොළඹ ) – කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ රාජකාරිවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  තීරණය කර තිබේ.

ඒ මුඛ ආවරණ දෑත් පිරිසුදු කිරීමේ ද්‍රව්‍ය වැනි අවම ආරක්ෂිත පහසුකම්වත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම නිසාය.

තම ජීවිත අවධානමද නොසලකමින් ඔවුන් මෙම අවස්ථාවේ සිය රාජකාරිය ඉටුකරන බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රාජකාරි ඉටු කිරීමේදී මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙ සෞඛ්‍ය අමැති පවිත්‍රා වන්නිආරච්චි පසුගිය ඉරිදා දැනුවත් කර තිබේ.

නමුත් ඔවුන්ගේ එම ගැටලුවලට විසඳුම් නොලැබීම නිසා මෙම තීරණය ගත් බව සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

මෙම ඉල්ලීම්වලට අද (2වැනිදා) දිනයේ විසඳුමක් ලබානොදුනහොත් හෙට (3 වැනිදා) සිට වසංගතය පාලන කටයුතුවලින් ඉවත්වන බව එම සංගමය පවසයි.

Related posts

අද සිට රට පුරා වර්ජන

Mohamed Dilsad

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තුන්වන විනිසුරුවරයත් ඉවත් වෙයි

Mohamed Dilsad

මැතිවරණ රැස්වීම් අසළ මී වද ඉවත් කිරීමේ යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment