දේශීය

පවතින ව්‍යසනය පාලනය කිරීමට හිටපු කථානායකගෙන් කරුණු 07 ක්

(UTV | කොළඹ) –  සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා අභියෝගය ජය ගැනීමට කිසිඳු භේදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල පූර්ණ සහය රජයට ලැබෙනු ඇති බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අද (02) දින පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී සහතික වී ඇත.

ජාතික ව්‍යසනයෙන් රටත් ජනතාවත් මුදා ගැනීම උදෙසා විවිධ දුෂ්කරතා දරාගනිමින් දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට කැපවන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සියලු පාර්ශවයන්ට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වෙනුවෙන් ගෞරවය පුදකරන බව ද කරූ ජයසූරිය මහතා එහිදී සඳහන්කර සිටියේය.

සර්ව පාක්ෂික සමුළුවේ දී හිටපු කථානායකවරයා පහත සඳහන් කරුණු ඉදිරිපත් කර ඇත.

1. ජන ජීවිතයට බලපාන මුලික ප්‍රශ්නයක් වන අත්‍යාවශ්‍ය ආහාර පාන සහ ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කීරිම සඳහා මින් පෙර ස්ථාපිත කොට සාර්ථකව ක්‍රියාත්මක කළ ආපදා කළමණාකරණ යාන්ත්‍රණයෙහි සහය පුර්ණ වශයෙන් ලබාගැනීම.

2. පවතින තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව ඇති එදිනෙදා උපයන ආදායමින් ස්වකීය දරු පවුල් නඩත්තු කරන පුද්ගලයන් සඳහා සහන සැලසීම කෙරෙහි දැඩි අවධානය යොමු කීරිම.

3. නිරෝධායන ක්‍රියාවලියට අදාල නිවැරදි තොරතුරු ලබාගැනීම හා නිරෝධායන ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සඳහා ප්‍රජා පොලිස් සේවාව හා සම්බන්ධ සිවිල් ආරක්ෂක කමිටුවල සහය ලබාගැනීම.

4. ඇති වෙමින් පවතින ලෝක ආර්ථික පරිහානියට මුහුණදීම G20 රටවල්වලට සාපෙක්ෂව ශ්‍රී ලංකාව වැනි රටවලට ඉමහත් දුෂ්කර වන බැවින් එම තත්වයට මුහුණදීම සඳහා විශේෂඥ දැනුම හා ප්‍රායෝගික දැනුම සහිත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් යුත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරිම.

5. සීනි, කිරිපිටි, පාන්පිටි වැනි ආනයනය කරන ප්‍රධාන ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ඇතුළු අනෙකුත් ආනයනික නිෂ්පාදනයන් දේශීය වශයෙන් හැකි උපරිමයෙන් නිපදවීම සදහා වන ආනයන ආදේශන වැඩපිළිවෙලක් පිළිබදව අවධානය යොමු කීරිම.

6. ලෝක ආර්ථික පසුගාමිකත්වය තුළ විදේශයන්හී සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවස්ථා මෙන්ම දේශීය වශයෙන් අපනයන හා සංචාරක ක්ෂේත්‍රයන්ට අදාල රැකියා බිදවැටීමට ඇති ඉඩකඩ පිළිබද අවධානය යොමු කර පෞද්ගලික අංශයද සහය ලබා ගනිමින් රැකියා සුරක්ෂිතභාවය සදහා වන වැඩපිළිවෙලක් සැකසීම.

7. ඉදිරියේදී දින නියම කර ඇති පරිදි මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කර ඇති බැවින් කවර විකල්ප ක්‍රියාමාර්ග ගත යුතුද යන්න සියලු පක්ෂ සමග සාකච්ඡාවකට එළැඹීම.

සර්ව පාක්ෂික සමූළුවක් තුළින් සියලු පාර්ශවයන්ගේ අදහස් ලබා ගනිමින් මෙම ජාතික ව්‍යසනයට මුහුණදීමට රජය කටයුතු කිරිම පිළිබදවත් ඒ සඳහා ජාතික වගකීමක් ඇතිව සියලු පක්ෂ සහභාගි විම පිළිබඳවත් අද දින පැවති සමුළුවේදී හිටපු කථානායකවරයා සිය කෘතඥතාවය පළ කළේය.

Related posts

සිවිල් පුරවැසියාට පයින් ගැසූ හමුදා නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක්

Mohamed Dilsad

කොළඹ වාහන තදබදයට ‘Park and Drive’ ක්‍රමවේදය නුදුරේදීම

Mohamed Dilsad

වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 07 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment