විදෙස්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් එරට ජනතාවට උපදේශයක්

(UTV |  බ්‍රිතාන්‍යය) –  බ්‍රිතාන්‍යයේ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 3605 දක්වා ඉහළ ගොස් ඇත.

එම සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාව ද අභිබවා ඇති අතර , එරටින් කොරෝනා ආසාදිතයන් 38,168ක් ද වාර්තා වෙයි.

මේ අතර, කොරෝනා ආසාදිත බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කළේ මෙම සති අන්තයේ ද නිවෙස්වලට වී සිටින ලෙස බ්‍රිතාන්‍ය වැසියන්ට උපදේශයක් ලබාදෙන අතර, එය ඉල්ලීමක් නොවන බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ නිරෝධායන කාලයක්

Mohamed Dilsad

පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

ඔරන්-ඔටන් ගහනය ලොවින් තුරන් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment