දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා අවදානම නැති ප්‍රදේශ වල සීමාවන් ලිහිල් කිරීමට අවධානය

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමකින් තොර දිස්ත්‍රික්ක සඳහා දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

එය අලුත් අවුරුදු සමය අවසන් වීමමෙන් පසු ගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ නිසා දැනට සිදුකරන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අලුත් අවුරුදු අවසානය තෙක් පවත්වාගෙන ගොස් එහිදී තත්වය සලකා බවත් බලා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩ සටහනේ ප්‍රගති සමාලෝචන පිළිබඳ රැස්වීමක් ඊයේ(04) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී දැනට වෛරස මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටත් පවත්වාගෙන යාමටත් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක, නීති යන ක්ෂේත්‍ර වල උපදෙස් සහ නිර්දේශ මත පදනම් ව බවටද එහිදී තීරණය කර ඇත.

කොරෝනා වෛරස ගැන ගෝලීය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකරන නිර්දේශය අධ්‍යනය කිරීම හා සුදුසු පරිදි පිළිපැදීමට ද මෙහිදී තීරණය කර ඇත.

දැනට මෙරට ක්‍රියාත්මක මර්දන වැඩසටහන විධිමත්ව තත්ත්වය යහපත් වනතෙක් ඉදිරියට ගෙන යාමට ද එකඟතාවයකට පැමිණ තිබේ.

එම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සීඩී වික්‍රමරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

කම්කරු පන්තියේ ආණ්ඩුව, අය-වැය ගැන වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නැහැ – පාඨලී චම්පික

Editor O

චීන ජාතිකයින්ට වීසා දීම නතර කෙරේ – සෞඛ්‍ය ඇමැතිනි

Mohamed Dilsad

ඖෂධ ඉල්ලා GMOA පාරට බසිති

Mohamed Dilsad

Leave a Comment