(UTV | කොළඹ) – අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන ඉතාලියේ එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කරයි.
ඔහු දින 21 ක නිරෝධායන කාලයක් සඳහා බූස්ස හමුදා කඳවුර වෙත යොමුකරන බව ඔහු කියා සිටියේය.
අද පෙරවරු 8.30 ට පමණ කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා රැගෙන එනු ලැබුවේ නාවික හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් විසින්.
Sri Lankan crew member aboard the MSC Magnifica retrieved and brought to the Colombo Harbour by Sri Lanka Navy : Navy Spokesperson. #lka #Srilanka pic.twitter.com/AIRNul1rt1
— News With Mr6feet 🎙️ (@NMr6feet) April 6, 2020