දේශීය

අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් මෙරටට

(UTV | කොළඹ) – බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය වන ඖෂධ රැසක් ඉන්දියාවේ සිට හෙට (07) දිනයේදී දිවයිනට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රටේ පවතින තත්ත්වය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ නියෝජිත පිරිසක් අතර අද පැවති සාකච්ඡාවට එක්වෙමින්.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා, සමගි ජනබලවේගයේ නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ හදිසි නීතිය සම්මත කර ගැනීම වැනි කාරණාවකට හැර වෙනත් කිසිදු අවස්ථාවක විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් යළි කැදවීම සඳහා තමන්ට නීතිමය බලයක් නොමැති බවයි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

රටවල් 194 ක් අතරින් ලංකාව එන්නත්කරණයෙන් 03 වන ස්ථානයට

Mohamed Dilsad

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන‍ී

Mohamed Dilsad

Leave a Comment