දේශීය

සියලුම ඖෂධ අලෙවිසැල් හෙට විවෘත කෙරේ

(UTV |කොළඹ ) – හෙට(09) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට තීරණය වී තිබේ.

එදිනට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක 19 පමණක් නොව අවදානම් කලාප ලෙස නම් කර තිබෙන දිස්ත්‍රික් ද ඇතුළුව මුළු දිවයිනේම ඖෂධ සැල් විවෘතව තැබෙනු ඇත.

සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීමට ද එහි දී තීරණය කෙරුණි.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ලියාපදිංචි වී ඇති එක් බෙහෙත් ශාලාවකට හෝ ඇඳිරි නීතිය කාලය තුළ එම සේවා ජංගමව පවත්වාගෙන යාමටත් අවසර ලබාදී තිබේ.

විශාල පාරිභෝගික ඉල්ලුමක් ඇති කොත්තමල්ලි, ඉඟුරු සහ වෙනිවැල්ගැට ආනයනයට ද පියවර ගෙන ඇති අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ නිවාස වෙත තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඖෂධ බෙදා හැරීමත් එම තීරණ අතර වෙයි.

Related posts

ආචාර්යය උපාධිය ගැන අවස්ථාව ලද විටක කරුණු කියනවා – කතානායක ආචාර්යය අශෝක රංවල

Editor O

ලක්‍ෂ 80ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

Mohamed Dilsad

ලාංකිකයන් 8ක් ඉන්දියාවේදී කොවිඩ් වැළඳීමෙන් මරුට – ආයුර්වේද වෛද්‍යවරයෙකුත් ඒ අතර

Mohamed Dilsad

Leave a Comment