දේශීය

රත්නපුරට හා පැල්මඩුල්ලට නැවත දන්වන තුරු ඇඳිරි නීතිය

(UTV |කොළඹ ) – ඊ‍යේ(08) රාත්‍රියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

ඒ අනුව රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයට අද උදෑසන ලිහිල් කරන ඇඳිරි නීතිය අද සවස 4 ට යළි පනවනු ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි.

Related posts

ටිල්වින් සිල්වා, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි.

Editor O

ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

Mohamed Dilsad

“නිදහස් දිනයේදී රන්ජන්ට පූර්ණ නිදහස ලැබෙයි” – විපක්ෂ නායක [VIDEO]

Mohamed Dilsad

Leave a Comment