දේශීය

ප්‍රධාන පෙලේ සහල් මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමේ තීරණයක්

(UTV| කොළඹ) – ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙලේ සහල් මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ගේ හමුවේදි මෙම තීරණය ගෙන ඇත.

සහල් නිෂ්පාදන පවත්වාගෙන යෑම සඳහා වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කළ යුතු බවට ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමුව ඇත.

Related posts

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවලට සභිකයන් පත් කිරීම පිළිබඳ එජාපය තීරණයක් ගනී

Editor O

අඩු ආදායම්ලාභී පාසල් සිසුන්ට වියළි ආහාර මල්ලක්

Mohamed Dilsad

Leave a Comment