දේශීය

කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කෙරේ

(UTV | කුරුණෑගල ) – තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි .

කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරියෙකු පැවසුවේ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය සිදුකර අද පෙරවරු 8ට යළි විවෘත කළ බවයි.

හදිසි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා එය ඊයේ(09) පස්වරුවේ එම ඒකකය තාවකාලිකව වසා දැමුණි.

Related posts

විදුලිය ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

දමිතා නිදහස් කරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

හෙට දිවයිනේ මාංශ අලෙවි සැල් සහ සුරාසැල් වසයි

Mohamed Dilsad

Leave a Comment