දේශීය

මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

(UTV | කොළඹ) – අවසර සහිතව මහ මාර්ගවල ගමන් කරන පුද්ගලයින් සඳහා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව මුහුණු ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ පොලීසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

Related posts

සතොස සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ඇඳිරි නිතිය ඉවත් කල ප්‍රදේශවල තැපැල් සේවා අදින් ඇරඹේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment