දේශීය

නාවික හමුදාව නිශ්පාදනය කරන ලද මෙඩි මේට් යන්ත්‍රයක් කළුබෝවිල රෝහලට [PHOTOS]

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත අද ලබාදුන්නේය.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවීමට කටයුතු කරන ලදි.

විශේෂයෙන් මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්හට රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්‍ෂණ විනිශ්චය කිරීමට සහ ඔවුන් සමඟ කථා කිරීමටත්, රෝගීන් හට අවශ්‍ය ‍‍ඖෂධ ලබා දීමටත්, ඔවුන්ගේ ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකර දීමටත්, හැකියාව ඇත.

ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන් මගින් වෛද්‍ය කාර්යමණ්ඩල සහ අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලය වෙත වෛරසය ආසාධනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙමගින් අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Image may contain: 1 person, sitting

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: one or more people, people sitting and indoor

Image may contain: 2 people, people standing

Related posts

2021 (2022) උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

පොලිසියෙන් විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

යුධ හමුදාපතිවරයා කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

Leave a Comment