(UTV | කොළඹ) – මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය කළ හැකි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසයි.
ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය සහිතවයි.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීම් හමුවේ මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කිරීමට පසුගිය දා රජය පියවර ගනු ලැබුවේය.