(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ බේරුවල ගම්මාන දෙකක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.
මිට අමතරව කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ වසා දැමුණු බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශය යළි විවෘත කළ බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.