විදෙස්

ඇමරිකාවේ ප්‍රාන්ත කීපයකට දරුණු ටොනේඩෝවක්

(UTV |ඇමරිකාව) –  ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්තවලට බලපෑ ප්‍රචන්ඩ ටොනේඩෝ සුළි සුළං හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාස්කු ඉරිදා දිනයේ ඇති වූ මෙම ටොනේඩෝ සුළි සුළං 2014 වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඇමරිකාවට බලපෑ දරුණුතම ටොනේඩෝ සුළි සුළං ප්‍රවාහය ලෙස ද වාර්තා වෙයි.

මෙම ටොනේඩෝ සුළි සුළං හේතුවෙන් ලුවිසියානා, ටෙක්සාස්, මිසිසිපි, ඇලබාමා, ජෝජියා සහ කැරොලයිනා ප්‍රාන්තවලට විශාල හානියක් සිදුව තිබෙන අතර , ඒවායේ නිවාස දහස් ගණනක් කැඩී බිදී ගොස් ප්‍රදේශ රැසක විදුලිය ද ඇණ හිට තිබේ.

 

Related posts

ඔස්ට්‍රේලියානු අගමැතිට ජනතාවගේ දැඩි විරෝධය

Mohamed Dilsad

ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment