දේශීය

වැසි තත්ත්වයේ වැඩි වීමක්

(UTV |කොළඹ ) – අද(15) පස්වරුවේ සිට ගිඟුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ඇතැම් ස්ථානවල විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව හා දකුණු පළාත්වල මිලි මීටර 100 වැඩි තද වැසි ඇති විය හැක.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු හා තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු ද විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවේ.

Related posts

අක්‍රිය වූ කැලණිතිස්ස බලාගාරය යථා තත්ත්වයට

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී ඡන්ද නාම ලේඛන තොරතුරු ලබාගන්න ක්‍රම

Mohamed Dilsad

විප්ලවීය වෙනස කළොත් ගොඩක් අයට රිදෙයි

Mohamed Dilsad

Leave a Comment