දේශීය

මන්නාරම , තාරාපුරම් ගම්මානය යළි විවෘත කෙරේ

(UTV |COVID -19) – කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් පසුගිය 08 වනදා සිට හුදෙකලා ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ මන්නාරම, තාරාපුරම් ගම්මානය යලි විවෘත කර ඇත.

මේ වන විට එම ප්‍රදේශයේ ආසාදිතයින් හදුනා ගැනිම අවසන්වීම හේතුවෙන් එම ගම්මානය තවදුරටත් සම්පූර්ණයෙන් වසා තැබීම අවසන් කළ බව යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මීට පෙර සම්පූර්ණයෙන් වසා තිබූ අටුළුගම ග්‍රාමය ද ඊයේ විවෘත කිරිමට පියවර ගැණුනු අතර ඇඳිරි නීතිය ඉවත් කළ පසු අදාල ගම්මානයට පිවිසීමට සහ පිටවිමට අවසර හිමිවෙයි.

Related posts

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

සැකකටයුතු මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට

Mohamed Dilsad

තම්බපවනි බලාගාරය අගමැති අතින් ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment