(UTV | COVID-19) – මෙරටින් මේ වන විට වාර්තාවන රෝගීන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණයේ අඩුවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
රෝගය සම්ප්‍රේෂණය වීමත් අවම මට්ටමක පවතින බව වෛද්‍යවරයා සඳහන් කරයි.
එසේම කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව ද අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.