දේශීයවිදෙස්

ලෝකය පුරා සිදුවූ කොරෝනා මරණ එක් ලක්ෂ 34 ,000 ඉක්මවයි

(UTV | COVID-19) –  සීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 34,000 ඉක්මවා තිබේ.

වෛරසය ආසාධනය වු සංඛ්‍යාව විසිලක්ෂ 77,839 ක් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එමෙන්ම වෛරසය වැළඳී සිටි පුද්ගලයින් පන්ලක්ෂ 9853 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද එම වාර්තා සඳහන් කරයි.

ඇමරිකාව තුළ පුද්ගලයින් හයලක්ෂ 43, 508 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාධනය වී ඇති අතර , එරටින් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 17,167ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

ප්‍රංශයෙන් මේ වන විට හඳුනා ගෙන ඇති ආසාධිතයින් ගණන එක් ලක්ෂ 47,863ක්.

ස්පාඤඤයෙන් ආසාධිතයින් එක්ලක්ෂ 77,644 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 18.708ක්.

ඉතාලියේ සිදුව ඇති සමස්ත මරණ සංඛයාව 21,645ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාවන ආසාදිතයිනගේ සංඛ්‍යාව එක්ලක්ෂ 65,155ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි පළමු පෙත්සම අද කැඳවයි

Mohamed Dilsad

රට යළි විවෘත කිරීම ගැන පාකිස්තාන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් මතට ගසක් වැටී මරුට

Mohamed Dilsad

Leave a Comment