(UTV | කෝවිඩ්-19) – නැවත දැනුම් දෙන තුරු සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා , සැණකෙළි , පෙරහැර , රැස්විම ආදිය තවදුරටත් තහනම් වෙයි.
එමෙන්ම ජනතාව එක් රැස්වන ආගමික කටයුතු ද ක්‍රියාත්මක කිරිම ද තවදුරටත් අත්හිටුවා තිබේ.
රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා තම සංගමය විසින් හඳුන්වා දුන් යෝජනා අනුව ක්‍රියාත්මක වන්නේ නම් කොවිඩ් – 19 වෛරසය පාලනයකින් යුක්තව එදිනෙදා කටයුතු සිදු කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.