දේශීය

බන්ධනාගාර සහ උසාවි අතර Skype  තාක්ෂනයෙන් නඩු කටයුතු කිරීමට අවධානය

(UTV | කොළඹ ) –  UNDP ආයතනය මගින් පිරිනැමීමට  නියමිත පරිගණක යන්ත්‍ර 50 ක් උපයෝගී කරගෙන එමගින් බන්ධනාගාර සහ උසාවි අතර Skype  තාක්ෂනය යොදාගනිමින් සම්බන්දතාවයක් ඇතිකර එමගින් රැදවියන් උසාවී වෙත ඉදිරිපත් කිරීම වලකා උසාවි තදබදය අවම කිරීමට කටයුතු කිරීමට සුදානම් වේ.

ඊට අමතරව අධිකරණ සේවා කොමිසමේ සහයෝගය ඇතිව සෞඛ්‍ය අංසවල  උපදෙස් පරිදි උසාවි කටයුතු ඉදිරි දිනවලදී සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසීම යනාදී කරුණු පිලිබදව සාකච්ඡා කර තිබේ.

ඒ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අමාත්‍යාංශ ලේකම් හා සෙසු නිලධාරීන් අතර  හමුවක් අද (20) පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පවතී සාකච්ඡාවකදීය.

මෙහිදී රාජකාරී කටයුතු ඉදිරි දින වලදී සිදුකරණ  ආකාරය පිළිබද අවධානය යොමුවිය.

එනම් කාර්යාල  කටයුතු සදහා 20% සේවක දායකත්වයක්  ලබා ගැනීම,  අමාත්‍යාංශයේ  රාජකරී ප්‍රමුඛතා  ලබා දියයුතු අංශයන් සදහා වැඩි අවධානයක් යොමු කිරීම,රසපරීක්ෂක  දෙපාර්තුමේන්තුවේ දැනට සිදුකරමින් පවතින 3500 ක් පමණ වන පරීක්ෂණ වලින් ඉතා ඉක්මනින් නිමකලයුතු කාර්යන් මෙම කාලය තුලදී නිමකිරීම, ඒ සදහා අවශ්‍ය කාර්යමණ්ඩලය  අලුතින් 20 බදවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ආදිය පිළිබඳව සාකච්ඡා කර ඇත.

Related posts

සමස්ත ආසාදිතයින් 2061 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ඡන්දය පැවැත්වෙන දිනයේ සහ ප්‍රතිඵළ නිකුත් කරන දිනයේ බස්රථ ධාවනය අඩුවේවි – පෞද්ගලික බස් හිමිකරුවෝ කියති.

Editor O

නියෝජ්‍ය කථානායක ධුරය වෙනුවෙන් නම් 02 ක්

Mohamed Dilsad

Leave a Comment