දේශීය

ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද රාත්‍රී 8 ට යළිත් පනවයි

(UTV| කොවිඩ් 19 ) – අධි අවධානම් කලාප වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය අද (20) පස්වරු 8 ට යළිත් පැනවීමට නියමිතයි.

මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම පහ දක්වා පමණයි.

මේ මස 25 වනදා සහ 26 වනදා සති අන්තයේදී මෙම දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇති බව වයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව 24 වනදා රාත්‍රී 8 ට පනවනු ලබන ඇදිරි නීතිය ඉවත් කරනු ලබන්නේ 27 වන සදුදා අලුයම 5 ටයි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අනිද්දා ඉවත් කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය මේ මස 27 වන සඳුදා අලුයම 5 දක්වා යළි දීර්ඝ කර ඇත.

Related posts

කොවිඩ් පාලනයට දිස්ත්‍රික්ක 25ට හමුදා නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment